දෙවැනි වාර අබාගයද අහවරය.දැන් අගෝස්තු නිවාඩුව කියා එකක් එයි.එය දෙන්නේ මොකකටදැයි මං නොදනී.නමුත් ඒ කාළය අතරතුර ශිෂ්‍යත්වය හා තවත් මොකද්දෝ අකුරු දෙකේ අබාගයක් ඇති බවනං ආරංචිය.එය කරන්නේ මා දන්නා තරමින් නම් අපට වඩා ලොකු එවුන්ය.නිවාඩුවක් යනු විවේක කාළයකි,විවේක කාලයක් යනු වැඩ රහිතව සිටින කාළයකි,වැඩ රහිත කාලයක් යනු ඔලුව නිදහස් වන කාළයකි.ඔලුව නිදහස් වීම යනු විනෝදයෙන් කල් ගත කළ යුතු කාළයකි.නමුත් අගෝස්තු නිවාඩුව යනු පාසල පවත්නා කාළයට වඩා වැඩ අදික කාළයකි.ඇත්තෙන්ම මෙලෝම රහක් නැති නිවාඩුවකි.පාසල් ගොස් යහළුවන් සමග පිස්සු කෙළිමින් කෙසේ හෝ පාසලේ වැඩ කළ හැක.එයද කරන්නේ බොහොම අමාරුවෙනි.නමුත් යහළුවන් සමග සිටින විට ඉබේම ඒවා කෙරෙයි.අගෝස්තු නිවාඩුවෙන් කරන්නේ අප නිවෙස් තුළ සිර කර දෙමාපියන් ලවා අපගෙන් හරකුන් මෙන් බලෙන් වැඩ ගැනීමය.අම්මාට මළ පැන්න විට මා හට "උබනං හරකෙක්" කියන්නේද, අම්මා පාසල් යන කාලයේදීද අගෝස්තු නිවාඩුව දී ඇති නිසා වන්නට ඇත.මිස් කියා දී ඇති ආකාරයට "ආරේ ගති නෑරේ"ය.
කෙසේ හෝ මිස්ගේ ගතියට මෙවරද "නිවාඩු කාළයේ ගෙදර වැඩ" යනුවෙන් තඩියට බෝඩ් ලෑල්ලක් ගසා වැඩ ගෝනියක් මා කර පිට තැබීය.මා දැන් තවලමේ යන බූරුවා වැනිය.ගෙදර ගොස් ගෝනිය කරෙන් බෑවා විතරය.අම්මා දුවගෙන විත් එය අවුස්සන්නට වූයේ තාත්තා පඩි ගත්ත දින වැනිය.අම්මාට හරි සතුටුය,කට ඇරගෙන ගෝනිය අවුස්සයි,තාත්තාට බෝනස් ලැබුණු දින මෙන්ය.මන්ද මෙවර කලින්ටත් වඩා ගෙදර වැඩ දී ඇත.
ගියවර රචනා 5කි,මෙවර 8කි.ගියවර ජන කවි 12කි,මෙවර 15කි.ගියවර ලියුම් 4කි,මෙවර 6කි.එපමනක් නොව ගියවර ජම්බුම ගෙඩි දෙකකි,මෙවර ගෙඩි පිටින්ම තක්කාලිම තුනක් මසන් යෑමට සිදුවෙයි.අපේ පන්තියේ ළමයි 50 කි.එහෙයින් එකෙකු තක්කාලි ගෙඩි තුන බැගින් ගෙනෙන විට තක්කාලිම 150 කි.හෙන ගහනවාය!මෙතරම් තක්කාලි වලින් කුමක් කරන්නදැයි මට නොතේරේ.එයනම් මසන්නේ මා නොවන නිසා අවුලක් නැත.හිත සනසා ගත හැක.
එහෙත් මා කිසිදා මෙතරම් ලියුම් ලියා නොමැත.ලියුම් වලින්ම 6 කි.එහෙත් අපේ අයියා නම් දිගට හරහට ලියුම් ලියයි,ඔහු දිනකට තුන් වරක් කෑමට පසු ලියුමක් ලියයි.නමුත් ඒවායේ හරි වැරදි..උක්ත ආක්‍යාත නිවැරදි දැයි බැලීමට මා මෙන් කිසිදා අම්මාට නොදෙයි.මිස් කියා ඇත්තේ ලියුම් යන්නේ තැපෑලෙන් කියාය.එහෙත් අපේ අයියාගේ ලියුම් යන්නේ පොත් අස්සේය.එයට හරිහැටි හෙතුවක්නම් මා දන්නේම නැත.සමහර විට තැපැල් ගාස්තු අඩු කර ගැනීමේ පිරිසිදු චේතනාවෙන් විය හැක.අයියාගේ ලියුම් වල ඇඩ්රෙස්ද නැත.හරිහමන් නමක්ද නැත.නමුත් ආමන්ත්‍රණය ඇත,එහෙයින් ළඟදීම අයියාටද ඇඩ්‍රෙස් නැති වෙයි.විටෙක ඔහුගේ ලියුමටම ඇත්තේ ඉලක්කම් තුනක් පමනි.නමුත් අපේ මිස් කියා ඇත්තේ ලියුමකට අවම වචන පනහක්වත් තිබිය යුතුයි කියාය,මා සිතන්නේ නිදහස් අද්යාපනය ගැන අපේ අයියා තරම් මිස් ඉගෙන ගෙන නැත.
ලියුම් නම් එසේය..එහෙත් රචනා එසේ නොවේය.එය ඊටත් හපන්ය.රචනයකට අවම වචන 200 වත් ඇතුලත් විය යුතුය.මටනං රචනා නයාට අඳුකොළ වැනිය.දකිනකොටත් ඇඟ නළියයි.මොන්ටිසෝරි යන කාළයේ පටන් රචනා ලියා දැන් ලිවීමට මාතෘකාද නැත.පොත අතට ගත් කළ බඩේ අමාරුව හැදෙයි.නැතහොත් ඔලුවේ කැක්කුම හැදෙයි.එසේත් නැතහොත් ඇස් පෙනීම දුර්වල වෙයි.මන්ද ඒවා කිසිත් අම්මාට පිටින් පෙනෙන ලෙඩ නොවන නිසාය.එහි අමාරුව දන්නේ මා පමණි.අම්මා කියන්නේ "උබ හොඳයි වසරේ ලොකුම බොරුකාරයට දෙන තෑග්ග දෙන්න" කියාය.අම්මා පිට එවුන්ට දුන්නත් මා හට ලේසියකට තෑග්ගක් දෙන්නේ නැත.එහෙයින් මා අම්මාගේ අසාවට ඉඩ දෙමි."මව්වරුන්ගේ ප්‍රාර්ථනා හා ආසාවන් ඉෂ්ට කිරීම දරුවන් වන අපගේ යුතුකමකි,වගකීමකි!"මෙය ඇත්තේ අපගේ පන්තියේ සිවිලිමේය.
කවි ගැන මා කතා කිරීමට නොයයි.මන්ද එය ඊටත් හපන්ය.

ඔන්න මම ඔයාගේ පොස්ට් ඔක්කොම කියෙව්වා.. ලියලා තියෙන විදිහට නම් ඔයා චුටි මල්ලියෙක් වෙන්න ඔනේ..:) ඇත්තටම ඔයා ලස්සනට ලියනවා.. කම්මැලි කමක් නැතුව කියවන්න පුළුවන් වුණා.. ඒ වගේම මාත් මගේ අතිතයට ගියා මේ ලිපි පෙළත් එක්ක..බඩ අල්ලගෙන හිනා වුණා.. :දිගට්ම ලියන්න.. ඔයා ගේ අනාගත වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා සුභ පතනවා..:)
ReplyDelete