කවුරු වෙන්නද කැමති?..


පාසලේ තවත් දවසකි.මිස් පන්තියට ආවාය.ඇය අතේ තිබ්බේ කොළ කෑලි කිහිපයකි.කොළ කෑලි වල තිබ්බේ මොනවාදැයි අපි කිසිවෙක් නොදනී.සියල්ලන්ම කීවේ කොළ වල ඇත්තේ රූල් කියාය.මාත් එය විස්වාස කළෙමි.මන්ද මම කොළ කෑලි වල රූල් තිබෙනවා දැක ඇත.මිස් අපට කණ්ඩායම් හැදෙන්නට කීවාය.අපි සය දෙනා බැගින් වෙන්වී කණ්ඩායම් සාදගති.කණ්ඩායම් සඳහා නායකයෙක්ද පත් කෙරිණි.අපේ කණ්ඩායමටද නායකයෙක් පත් විය,ඒ "ගොට්ටාය".(අපි ඌට ගොට්ටා කියන්නේ සමච්චලයටය..මන්ද ඌ සෑම ගුරුවරයෙකුටම ගොට්ට අල්ලන නිසාය) නමුත් හිත හොඳ ඒකාය.එහෙයින් ගොට්ටා කියන කියන පදේට අපට නටන්න විය.

මිස් සෑම කණ්ඩායමකටම මිස්ගේ අතේ තිබුණු කොළ කෑල්ල බැගින් දුන්නාය.එය හිමිවුයේ කණ්ඩායමේ නායකයාටය,මිස් ඒවා බෙදා දී කළු ලෑල්ලේ පොල් අකුරෙන් "කවුරු වෙන්නද කැමති?" කියා ලීවාය.එහි තේරුමක් එකෙකුටවත් තේරෙන්නේ නැත.එක එකා උන් උන්ගේ මුණවල් බලයි.අවසානයේ අපි ගොට්ටාගේ මුණ බලා උගේ අතේ තිබුණු කොළ කෑල්ල දෙස බැලිය.මිස් කොළ කෑලි දිගහරින්නට කියන්නට ප්‍රථම අපි එය දිග හැර හමාරය.ගොට්ටා අතේ තිබුණු කොළ කෑල්ලේ තිබුනේ "Pilot" කියා ලියාය.මිස් හැමෝගෙම අතේ තිබුණු කොළ කෑලි වල ඇති දේ හයියෙන් කියවන්නට කීය.එක එකා නැගිට උන්ගේ අතේ ඇති දේ කියවීය.ගොට්ටා තරමක් වැඩ කරුය.ඌ නැගිට්ට ගමන් "පයිලොට්"කියා බෙරිහන් දුනි.එකෙකුටත් එය නොතේරුණු හෙයින් උන් ගොට්ටා බෙරිහන් දුන්නාට වඩා හයියෙන් සිනහ උනි.ගොට්ටාටද මල පැන්න නමුත් අපි ඌව සන්සුන් කළේය."පයිලොට්" වනාහී "මිස් කියු අකාරයටනම් "ගුවන් නියමුවාය."එහි ඇත්ත නැත්ත අපි දන්නේ නැත.එහෙත් මිස්ම කියූ නිසා පිළිගන්නට විය.

ඊළඟට මිස් කීවෙ අපට ලැබී ඇති මාතෘකාව යටතේ කණ්ඩායමේ සැමටම එකතු වී කුඩා රචනයක් ලිවීමටය.මටනං රචනා අරහන්ය..එහෙයින් අනික් උන් කියන දෑ අසාගෙන  සිටීමට මට සිදුවිය."පයිලොට්" යනු "ගුවන් නියමුවා" යයි මිස් කීවද මෑන්ස් කරන්නේ මොකද්ද යැයි කීවේ නැත.අපගේ කණ්ඩායමේ සය දෙනාම පයිලොට්ලාය,එහෙත් පයිලොට් කරන්නේ මොකද්දැයි එකෙකුවත් දෙන්නේ නැත.එක එකා එක එක නිර්වචන දෙයි.එකෙක් ඔරු පාරු පදින මිනිසා කියයි,තවෙකෙක් කොච්චි එලවන මිනිසා කියයි,තවෙකෙක් හරක් බලා ගන්නා මිනිසා කියයි,තවත් එකෙක් අසු පිට යන්නා කියයි..නමුත් ගොට්ටාත් මාත් කිසිවක් නොකියයි.මා නම් කිසිවක් නොකීවේ "නොදන්නා දේට අත පත දමන්න එපා" යැයි අපට පහ වසරේ මිස් කියා තිබූ නිසාය.ඒත් ගොට්ටා වැඩ කරුය,නමුත් ඌත් කිසිවක් නොකියන්නේ ඇයි දැයි මට ප්‍රස්නයකි.ඌ පහ වසරේදී අපේ පන්තියේ සිටියේද නැත.මා සිතන්නේ ඌ කිසිවක් නොකියන්නේ ඌ එය දන්නා නිසාය.මන්ද මා අසා තිබෙන්නේ "දන්න එකා නිශ්ෂබ්දය" කියාය.

කෙසේ හෝ ගොට්ටාගෙන්ද පිළිතුරක් ආවේ නැත.මිස්ගෙන් ඇසුවහොත් පිරිසිදු සිංහලෙන් අහගැනිමට සිදුවන හෙයින්..ලැජ්ජාව පැත්තක තබා අපේ පිටුපස සිටි කණ්ඩායමෙන් අසාගන්නට තීරණය කෙළේය.උන් සියල්ලෝම "ඩොක්ටර්ලා"ය.එහෙයින්  උන්ට ගුවන් නියමුවෙකුට වඩා මොළේ ඇතැයි අපි සිතුවෙමු.උඩ බිම බලමින් සිටි මට පෝරියල් එක සෙට් විය,ගොට්ටා පැනයට විසදුම්‍ සොයා ගැනීමේ මහඟු කාර්යබාරය මට පැවරිය.උට සිතෙන් බනිමින් මා අරුන්ගෙන් පයිලොට් යනු කවුදැයි මචන්?කියා ඇසිය.මටම ලැජ්ජය,උන්ද දන්නේ නැත.උන්ගෙන් විසඳුමක් නොලැබුන හෙයින් උන්ටත් එහා සිටි එවුන්ගෙන් අසන්නට විය,උන් "ලෝයර්ලා"ය.ලෝයර්ලා කොහොමත් අනුන්ගේ ප්‍රස්න වලට වැඩි කැමැත්තක් දක්වන හෙයින් උන්ගෙන් එකෙකුගෙන් ඇසුවේය.මළා!!ය . ඌ දන්නේ ද නැත.තව එකෙකුගෙන් ඇසිය,කෙළවෙනවා!!ය . ඌ ද දන්නේ නැත.තවත් එකෙකුගෙන් ඇසිය..දෙයියන්ගෙ පිහිටය !! ඌ දන්නේය.ඌ කියූ ආකාරයට ගුවන් නියමුවා යනු ප්ලේන් එලවන්නාවූ එකාය.අපිට වෙරිම හැපීය.ගොට්ටා පන දාගෙන රචනය ලියන්නට පටන් ගත්තේය."උත්සාහ වන්තයා ජයගනී"ය,එයනම් සැබෑවක්මය!අපේ රචනාවට මිස් තරු දෙකක්ම දුන්නාය.

2 comments:

  1. Pasal jeevithaya wanahee, jeevithaye sundarama kaalayai. Pasala thula labana athdakeem metharam sundara wanne, api thawamath pasal kaalayata aadaraya karana nisaaya.

    ReplyDelete
  2. dimiya-mamath hithuwe eyn ekek wenta.eth une wena ekek

    ReplyDelete