
ශිෂ්යත්වයනං අහවරය.මා හට දැන් කකුල් හතරෙන් සිටගැනිමටවත් පන නැත.පාඩම් කරපුවායින් ඔලුව බරය.හිස කෙලින් තබාගත්තේද බොහොම අමාරුවෙනි.දැන් මහන්සි හරින්නට හොඳ කාලයක් එලඹ තිබේ.දිනක් හදිසියේම කොහේදෝ සිටි ආච්චි කෙනෙකු ගෙට කඩාගෙන වැදුනාය.අම්මානං කිවුවේ ඒ මගේ ආච්චි අම්මාය කියාය.ඒ කියන්නේ අම්මගේ අම්මලු.මටනං සුවර්ම නැත.ඒත් අම්මා පුන පුනාම කියූ නිසා පිළිගන්නටම විය.ඒත් සුවර්ම නැත..හැබැයි ඇයට හැට පැන ඇති බවනම් සුවර්ය.

ආච්චි අම්මා පැමිණි විගසම මාව බදාගෙන "පුංචි කාලේ දැක්කට පස්සේ දැක්කේ" කීවාය.ඒත් මටනං දැක්කද කියා මතකයක් නැත.ඒත් ආච්චි අම්මා දැක්කාම කියන නිසා පිළිගන්නට විය.අපේ අම්මාද පැනගෙන ගොස් ආච්චි අම්මාව ගේ තුලට ඇදගෙන ආවාය.දෙන්නා තොර තෝංචියක් නැතුව කියවන්නට ගත්තේය.ගමේ තමන්ගේ ගෙට වඩා අනුන්ගේ ගෙවල් ගැන ආච්චි අම්මා හොඳහැටි දන්නේය.අම්මා හදා දුන් තේ කෝප්පයද අතේ තබාගෙන රටේ නැති බයිලා කෙළිති.ආච්චි අම්මා වනාහි පෝයවල් දොළහටම සිල් ගෙන තවත් ඇත්නම් ඒවාටද සිල් ගන්නා වූ තැනැත්තියකි,සියා කල් යල් බලා ස්වර්ගස්ථ වී ඇත්තේද ඒ හේතුව නිසා යැයි මට සිතේ.අපේ අම්මාද ආච්චි අම්මගේම දුව යැයි මට සැක හැර දැනගන්නට හැකි වුයේ එවිටය.අම්මා, ආච්චි අම්මා කෙළින්නා වූ බයිලා සුරන්ගනා කතා මෙන් රස කරමින් අසාගෙන සිටී.අම්මා මා හට "මගුල් කෑම" හැර කිසි දිනෙක සුරන්ගනා කතා කියා දී නැති හෙයින් දෙන්නා අතර ඇති වූ සංවාදය මා හට අපගේ පාසලේ මිස්ගේ අදෝනාව මෙන්ම විය.ආපු වෙලාවේ සිට රේඩියෝව දැම්මා මෙන් කියවූ ආච්චි අම්මාට දැන් හතිය.
ගෙතුලට ගොස් නා කියාගෙන පැමිණි ආච්චි අම්මා ඊලගට අල්ලගත්තේ මාවය.කෝච්චිට බෙල්ල තිබ්බානං ඊට වඩා සැප යැයි මට සිතිනි.ඉස්කෝලේ වැඩ වලින් තාවකාලිකව නිදහස් වුවා පමණි.නමුත් ආච්චි අම්මා ඔලුව නිදහස් කර ගැනීමට ඉඩ දෙන්නේම නැත,දැන්නම් ආච්චි අම්මා මාව අන්තිමට දැක ඇත්තේ මා පුංචිම කාළයේ බව සක්සුදක් සේ පැහැදිළිය.මන්ද ආච්චි අම්මා මගෙන් මා මොන්ටිසෝරි ගිය කාළයේ පටන් විස්තර අසන්නට පටන් ගත්තේය.එනම් අවුරුදු හතක අතීතය නැවත හරාවුස්සයි.ආච්චි අම්මා අසන ප්රශ්න වලට උත්තර දී අවසානයේ මටත් හතිය.ආච්චි අම්මා සෑම වචන දහයකට හෝ දොළහකට වරක් අවම වශයෙන් "හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙන්න" යැයි කියයි.

ඇය එසේ කීවාට එහි අර්තයක්නං මට ත්රෙන්නේම නැත."හොදට ඉගෙනගන්න"යන වචනයනම් ඇහිලම එපා වෙලාය.ඒත් ලොකු මහත්තයෙක් වෙනවාය කියන්නේ ඉන්න ප්රමාණයට වඩා උස යන එක වෙන්න ඇති යැයි මම සිතා ගතිමි.කෙසේ නමුත් ආච්චි අම්මා මෙය මේ තරම්ම කියවන්නේ මා කොට හින්දා දැයි සිතිය නොහැකිය.පසුව ඇයගේ වයස ගැන සිතා ඇය කියූ දෙය මා හට පැහැදිලි උනාක් මෙන් මම ඔලුව වැනිමි.ආචිචි අම්මා "හොඳ පුතා" යැයි කියමින් මගේ ඔලුවද අත ගෑවාය.
dimiya-:D max
ReplyDelete